Monday, February 6, 2012

බුද්ධ ප්‍රතිමාවක් විවාහයක්

ඇනෝනිමසයා ෆේස්බුක්හි සැරිසරනවාය. කරක් ගහන කොට ඒ මේ අත ලින්ක් දිගේ යනවාය. ඔය අතරතුර එක්තරා ඡායාරූපයක් හමු උනාය. පහලින් අමුනා තියෙන්නේ එයයෑ.  මේකට කියන්ට දෙයක් නැතුවාය. සියලු කෙලෙසුන් නැසූ බුදු හිමිගේ අනුරුවක් ගත්තාට කිසිම වරදක් නැත. අනෙක දෙයක් ලස්සනට ගත්තා මිස හානියකට ගත්තා නොවේය. සමහරුන්ට ඉහ මොල උනුසුම් වී ඇත. ඉතින් මෙහෙම බලද්දි සිගිරියේ මල් අරන් අඩනිරුවතින් පිදුරංගල වෙහෙරට යන කාන්තාවන් දෙදෙනාගේ අද දවසේ ඉරණම කුමක්ද? අනේ සාදු ඒ දෙන්නා අද සිටියානම් චිත්‍රයට නගන්න වෙන්නේද උඩුකය විතරයෑ. යටිකය බිතුසිතුවමේ ආකාරයටම සිංහල බෞද්ධයා කපන් ගොස්ය.

1 comment:

  1. මේකට "මගේ ලෝකයේ" හොද පෝස්ටුවක් තිබ්බා..

    ReplyDelete