Tuesday, January 17, 2012

ලංකාව එකතු වෙයිද? අන්තර්ජාලයේ ස්ට්‍රයික් - blackout or show a ribbon

අමරිකාව විසින් නව නීති මාලාවක් ලඟදිම ක්‍රියාත්මක කිරිමට නියමිතය. ඒ ගැන තොරතුරු වර්ඩ්ප්‍රෙස් අඩවියෙහි දක්වා ඇත.

ඒ අනුව අද දින 2012 01 18 යනු ලෝක අන්තර්ජාල වෙබ් පිටු හරහා විරෝධතා පල කරන දවසයි. එයට මූලිකවම විකිපිඩියාව හා වර්ඩ්ප්‍රෙස් අඩවිය මූලික වී ඇත.


මෙම නව නිතී අනුගමනයට ගිය ගෝඩැඩි නම් වූ සුප්‍රසිද්ද ඩොමෙයින් හොස්ටින් සපයන්නා පහුගිය දිනවල දැඩි අපහසුතාවයකට පත් කිරිමෙන් ඔවුන්ගේ පාරිබෝගිකයන් Godaddy හට සම්බාදක පැනවිය.

වැඩිදුර කරුනු http://wordpress.org/news/2012/01/help-stop-sopa-pipa/ ලිපියෙහි පවතියි

PROTECT IP / SOPA Breaks The Internet from Fight for the Future on Vimeo.

Sunday, January 15, 2012

පුස්සක් වූ සිංහල බ්ලොග්කරණ තරඟාවලිය 2011

රාජකීයයන් , ලාංකාවේ පාසල් පද්ධතියේ ප්‍රමුඛයා. හැමෝම හිතන්නේ රාජකීයයන් වැඩක් කලොත් පිළීවෙලට කරනවා කියලා. බලන්න මේ ලින්ක් එක සිංහල බ්ලොග්කරණ තරඟාවලිය පිළිබඳ යාවත්කාලීන කිරීමක්. පටන් ගත්ත තරඟාවලිය එතනම හිර වෙලා. http://www.sahithya.lk/sinhala-blogging-competition/list යන්න එතන තියනවා තරඟාවලියට ඉල්ලුම් කරලා සුදුසුකම් ලබපු ලිසිට් එක. ඒ තරඟකරුවන් බොහොමයක් තම තමුන්ගේ බ්ලොග් අඩවි වල අදාල බැනර් තවමත් ප්‍රදර්ශනය කරනවා. සම්මාන ලබා ගන්න ඉල්ලුම් කරපු, ඒ වෙනුවෙන් වෙහෙස උන හැමෝම බලන් ඉන්නවා මේකට මොකද උනේ කියලා.

October 20, 2011 දින තමයි මේකට අදලා අවසාන බ්ලොග් පෝස්ට් එක දාලා තියෙන්නේ. ඇත්තටම මොකද උනේ මේකට? වගකිව යුත්තන් කවුද? තරඟ කරුවන්ගෙන් සමාව ගත යුතු දිගින් දිගටම ඇදී යන අසේනි කුසුම් 2011 ට මොකද උනේ?

Tuesday, January 10, 2012

[ඇනෝනිමස්] ත්‍රස්තවාදයට පිළිතුරු ලැබුණී

සිංහල බ්ලොග් අවකාශය යනු ඉතා සීමිත පිරිසක් ගැවසෙන කුඩා වපසරියකි.මේ වපසරිය තුල බේදිම් හැල හැප්පීම් වචන හුවමාරු නොඅඩුව පවතියි. පොදු පිළීගැනිමට අනුව ලංකාවේ සිංහල බ්ලොග් අවකාශය තුල වැඩිපුරම සැරිසරන්නේ තොරුතුරු තාක්ෂනයෙහි නිරතවූවන්ය. ඒ අතර වෙනත් ක්ෂේත්‍රවල වැඩකරන විදෙශ් ශ්‍රී ලාංකීකයන්ද සිටිති. මෙපමණ කලක් හෙවත් වර්ෂ පහ හයකට ආසන්න සිංහල බ්ලොග් ආගමනයේ හැරවුම් ලක්ෂයන් හා විශේෂීත වූ සංදිස්තාන කිහිපයක් පැහැදිලිවම හඳුනා ගත හැක. මේ අතර සින්ඩි බිහි විම, සින්ඩි අතර තරඟකාරිත්වයක් ඇති විම, බ්ලොග්ස් පොට් මෙන්ම ෆේස් බුක් අඩවිය හරහාද බ්ලොග් කියවන බිහිවිම. විශේෂිත තැනක් ගිනියි. බ්ලොග් පාඨකයන්ට රචකයන්ට මෙය මහඟු අවස්ථාවක් විය

උක්ත කරුනට අමතරව බ්ලොග් පාඨකයන්ගේ ලොකුම චෝදනාව වූයේ කමෙන්ට් මොඩරේට් කිරිම හරහා පාඨක නිදහස් අදහස් නිරෝධනය කිරිමයි. එකල තිබූ ප්‍රසිද්ධ හා ජනප්‍රිය බ්ලොග් අඩවි වලට මෙම දෝෂාරෝපණය එක එල්ලේ එල්ල විය. මෙම තත්වය නැති කිරිමට අවශ්‍ය බව කියමින් ඉදරියට ආ ඇනෝනිමස් ආතල් නම්වූ බ්ලොග් අඩවිය තුල මෙම නිදහස බලාපොරොත්තු වුවත් ඔවුන් පවා පසු කල් යත්ම, කමෙන්ට් තොරා බේරා ගැනිමක් සිදු කරන ලදි. තවද වැඩක් ඇති මිනිසුන් පසේකලා අනවශ්‍ය මිනිසුන්ට දිගින් දිගටම ප්‍රචාරය ලබා දුනි. උදාහරණයකට ඇල්කේමියා බීටල් වැන්නවුන් සිටියදී, උයන් කන බ්ලොග් කරුවෙක්ව ඉදිරියට ගෙන එන ලදී.

පහුගිය දින වල ඉලක්කං පොල්ල ගැන වැඩි කතාබහක් ඇතිවිය. එලෙසම කමෙන්ට් ගැනද බොහෝ විවාද ඇති විය. ඇනෝනිමස් ආතල් අඩවියේ පෙර ලිපිය මදකට ගොස් බලන්න. එහි කමෙන්ට් කරුවන් නිදහසින් අයුතු ප්‍රයෝජන ගෙන ඇත. ඒ කමෙන්ට් කරුවන් අතර ලිංගික බෙල හීනයන්ද, මානසික අසහන ලෙඩුන්ද, තම තමාගේ ජාතකයන්ද මොනවට විදහා දක්වා ඇත. මෙම අඩවියේ කමෙන්ට් වාරණය කිසිදාක සිදු නොවනු ඇත. නමුත් බ්ලොග් අවකාශය තුල සිටිනා බෙල හීනයන් හඳුනා ගැනිමට රුකලක් වනු ඇත. 


අප කල මෙහෙය පල දරා ඇත. බ්ලොග් ත්‍රස්තවාදය නැති කලෙමු. කිසි දිනක හරවත් නොවූ ලිපියකට අපෙන් ඉඩක් නැත. නිවැරදි ගමනක් යන විට පාඨක ඔබේ සහාය නිතැතින්ම ලැබෙන බව අපි දනිමු.

Sunday, January 8, 2012

[ඇනෝනිමස්] ගාල්ලේ සුහද හමුව නොදුටු පැත්ත

සුහද හමු ගෙට් ටුගෙදර් සංවිධානයෙහිලා කෙල  පැමිණියෝ නම් අබේපාල මාමා හා වැප් නිශාන්තයන් නම් වන්නාහ. ඒ දෙබෑයෝ මේ අවකාශය තුල පොරත්වය ගෙන හැර පෑවේ හිච්චි කොල්ලන් හා කෙල්ලන් විහාරමාහාදේවියට එක් රැස් කර කොකා කෝලා හෝ බනිස් ගෙඩියක් දික් කරමිනි. මගේ මරණයත් උන් දෙන්නාට බාල්දිය  අල්ලමින් පසු ගමන් කලහ. දැන් උන් වයෝවෘදය, අලුත් දක්ෂ නාබර තරුණයෝ ඉදිරියට පැමිණ ඇත. පොඩි මෑන් නම් සමහරක්ගෙන් උදහසට ලක් වූ කොලුවා මෙවර දෙයක් කර පෙන්වූහ. ජනේලයෙන් එහා බ්ලොග් අඩවිය ලියන පාසල් අධ්‍යාපනය ලබන ඇට්ටර කොලුවෙක්ද මේහි පිටුපස සිටියේ, අනුෂ්ක ලක්මාල්ද ඉදරියෙන් ඉන්නා විටදීය. මෙයින් උගත යුතු පාඩම නම් හමු ගෙට්ටුගෙදර් හෝ බ්ලොග් අවකාශය තුල එවා සංවිදානය කිරිමට එක්තාරා පිරිසකට පමණක් ලියා දි බුක්තියට යටත් කොට නැත. ඈත ගම් දනව් වල සිටිනා දක්ෂයින්ටද එවා සංවිධානයෙහිලා ශක්තියක් ඇත.

දැන්වත් කොළඔ සිටිනා බ්ලොග් කරුවන් සියල්ල ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදවා හැරිය යුතුය. පොර ටෝක් නොදිය යුතුය. හිච්චි කොල්ලන්ට කෙල්ලන්ට අවස්ථාව දි මේ නාකි හැත්ත මකබෑ විය යුතුය.

Saturday, January 7, 2012

[ඇනෝනිමස්] ජනප්‍රිය බ්ලොග් කරුවා හොයන "බොගසං" සූත්‍රය මෙන්න

මේ තියෙන්නේ ජනප්‍රිය බ්ලොග් කරු හොයන ක්‍රමය

උපකල්පනය -
  1. ගුගල් විසින් දෙන හිට්ස් ගාන බ්ලොගය පටන් ගත් දා පටන් නිවැරදියි
  2. බ්ලොගය ෆලෝකරන්නේ එය වැදගත් යයි දැන ගෙනමයි
  3. සියලුම බ්ලොග් කරුවන් තමාගේ බ්ලොගයේ හිට්ස් තමාගේ රිෆෙෂ් කිරිම් වලින් ස්වයක්ත කර ඇත
  4. තමා දමන ලද කමෙන්ට් ගනන බින්දුව වෙයි
  5. ලියා පබ්ලිෂ් කෙරු පසු කිසිඳු ලිපියක් මකා නැත
  6. වසර ගනන ආසන්න වර්ෂ ගනනට වටයා ඇත
සූත්‍රය-

බොග
සංගුණකය ={ [(ගුගල් හිට්ස්+කමෙන්ට් ගණන) ] + අදට බ්ලොගයට වර්ෂ} / (ලිපි ගණන+ෆලෝවස්ලා ගණන)} /100


තම තමුන් සදා බොග සංගුණකය පහතින් කමෙන්ට් කරන්න. මෙහිදි තමා ලබා ඇති කමෙන්ට් ගණන බොහෝ බ්ලොග් අඩවි වල ප්‍රදර්ශනය නොවෙයි. එම නිසා ගනනය කිරිම නියැඳි කිහිපයකට සීමා වෙයි



පහතින් දැක්වෙන්නේ සියලු දත්තයන් දර්ශනය කල නියැඳි කිහිපයක බොග සංගුණකයයි


2012 01 08 දිනට
1. කතන්දර
ගුගල් හිට්ස්    667663
කෙමෙන්ට් ගණන    13856
ෆලෝවස්ලා ගණන    733
අදට බ්ලොගයට වර්ෂ    3
ලිපි ගණන    546
බොගසං ->  6.04186170212766  - මුල් වරට නිකුත් කල ප්‍රතිඵල
බොගසං ->5.32855355746677 - දෙවන වර ප්‍රතිඵල
 
2. මාරයා
ගුගල් හිට්ස්    244420
කෙමෙන්ට් ගණන    17465
ෆලෝවස්ලා ගණන    582
අදට බ්ලොගයට වර්ෂ    3
ලිපි ගණන    536

බොගසං  -> 2.3424686940966

බොගසං   වැඩිම බ්ලොග් කරු ජනප්‍රියම බ්ලොග් කරු වෙයි




පලි
සූත්‍රය එලියට දුන්න හින්දා මේව්වෑ මේව්වා එක හැමෝටම පෙන්වා. කතන්දර රිකරෙක්සන් දාපු හින්දා කකාගේ බොගසං එක නිවැරදි කරලා ජාලගත කලා. රජයේ අධ්‍යාපනය දේපාර්මේන්තුව වගේමයි. කාකාගේ බොගසං එක ටිකක් අඩුඋනා

[ඇනෝනිමස්] ජනාප්‍රිය (හිට්ස්-ප්‍රිය) සිංහල බ්ලොග් අවකාශයේ පැතිකඩක් හෙවත් කොපි කරන වැඩ

 
ඔබ දාන කමෙන්ට් එහේ වාරණය වෙනවා නම් මෙහේ දාන්න
1. බීට්ල්


2. මිගාර හා මාලන්




4. ඇල්කෙමියා


5. ඇටමැස්සා හා ජය ශ්‍රී


6. බුවා (බුවාගෙ සිතිවිලි)


7. මහවෙදනා


8. පුරු පුරු (බ්ලොග් ගඩොල්)


9. කාලිංග, ඉන්ද්‍රනාම හා ශාකුන්තල


10. අභීත හා රංග


11. පොඩි කුමාරිහාමි


12. පොඩිමෑන්


13. වත් (සොඳුරු සිත)


14. කෙහෙල්කොටුවෙ චූටි මහත්තයා


15. මාරයා, "මං එක" චන්දිමා හා වැපා


16. මාතලන්


17. ජ්‍යෝතිෂලංකා


18. නවම්


19. ඔබී හා ඔබා මාමා


20. දුමී හා දුකා


BONUS: සඳරු


පලි
අදහස ආවේ අරෙහෙන්

 පපලි
මටත් ඉරිසියයි ඕයි

[ඇනෝනිමස්] ඔන්නෝවා අල්ලා දාමු රංගයියේ - හවසට සෙට් වෙමුද මේ ඇනෝ ලඟ

ුරංගයා මමයි දකුණු ලකෙන් ආ කොල්ලා
ඉස්කෝලෙත් ගමෙත් මෙහෙත් බේබද්දා
බ්ලොග් ලෝකේ නම ගිය මං හෙන මඩයා
කවුද යකෝ මට මඩ ගැහු ඇනෝනිමසයා

ගියා තමයි දේවි  බලන්නට අද පුරහලටා
අල්ලා අහිංසකයන් දෙන්නෙක් තුරු වදුලකටා
තද කරගෙන ඇහැව්වා තෝපි දෑ ඇනෝනිමසයා
පිළීතුරු නැත කට වැසිලා වෙන වැඩ දෙන්නා 

අද සිට පිළිතුරු දෙමි තොට ඇනෝනිමසයා
ලියන ලියන ලිපි කොපි වි යටිකුරු වෙනවා
ගහන ගහන මඩ ගොම කර ආපසු එවනා
හැප්පී බලමු අවකාශය තුල අපි දෙන්නා