Monday, February 6, 2012

බුද්ධ ප්‍රතිමාවක් විවාහයක්

ඇනෝනිමසයා ෆේස්බුක්හි සැරිසරනවාය. කරක් ගහන කොට ඒ මේ අත ලින්ක් දිගේ යනවාය. ඔය අතරතුර එක්තරා ඡායාරූපයක් හමු උනාය. පහලින් අමුනා තියෙන්නේ එයයෑ.  මේකට කියන්ට දෙයක් නැතුවාය. සියලු කෙලෙසුන් නැසූ බුදු හිමිගේ අනුරුවක් ගත්තාට කිසිම වරදක් නැත. අනෙක දෙයක් ලස්සනට ගත්තා මිස හානියකට ගත්තා නොවේය. සමහරුන්ට ඉහ මොල උනුසුම් වී ඇත. ඉතින් මෙහෙම බලද්දි සිගිරියේ මල් අරන් අඩනිරුවතින් පිදුරංගල වෙහෙරට යන කාන්තාවන් දෙදෙනාගේ අද දවසේ ඉරණම කුමක්ද? අනේ සාදු ඒ දෙන්නා අද සිටියානම් චිත්‍රයට නගන්න වෙන්නේද උඩුකය විතරයෑ. යටිකය බිතුසිතුවමේ ආකාරයටම සිංහල බෞද්ධයා කපන් ගොස්ය.

Tuesday, January 17, 2012

ලංකාව එකතු වෙයිද? අන්තර්ජාලයේ ස්ට්‍රයික් - blackout or show a ribbon

අමරිකාව විසින් නව නීති මාලාවක් ලඟදිම ක්‍රියාත්මක කිරිමට නියමිතය. ඒ ගැන තොරතුරු වර්ඩ්ප්‍රෙස් අඩවියෙහි දක්වා ඇත.

ඒ අනුව අද දින 2012 01 18 යනු ලෝක අන්තර්ජාල වෙබ් පිටු හරහා විරෝධතා පල කරන දවසයි. එයට මූලිකවම විකිපිඩියාව හා වර්ඩ්ප්‍රෙස් අඩවිය මූලික වී ඇත.


මෙම නව නිතී අනුගමනයට ගිය ගෝඩැඩි නම් වූ සුප්‍රසිද්ද ඩොමෙයින් හොස්ටින් සපයන්නා පහුගිය දිනවල දැඩි අපහසුතාවයකට පත් කිරිමෙන් ඔවුන්ගේ පාරිබෝගිකයන් Godaddy හට සම්බාදක පැනවිය.

වැඩිදුර කරුනු http://wordpress.org/news/2012/01/help-stop-sopa-pipa/ ලිපියෙහි පවතියි

PROTECT IP / SOPA Breaks The Internet from Fight for the Future on Vimeo.

Sunday, January 15, 2012

පුස්සක් වූ සිංහල බ්ලොග්කරණ තරඟාවලිය 2011

රාජකීයයන් , ලාංකාවේ පාසල් පද්ධතියේ ප්‍රමුඛයා. හැමෝම හිතන්නේ රාජකීයයන් වැඩක් කලොත් පිළීවෙලට කරනවා කියලා. බලන්න මේ ලින්ක් එක සිංහල බ්ලොග්කරණ තරඟාවලිය පිළිබඳ යාවත්කාලීන කිරීමක්. පටන් ගත්ත තරඟාවලිය එතනම හිර වෙලා. http://www.sahithya.lk/sinhala-blogging-competition/list යන්න එතන තියනවා තරඟාවලියට ඉල්ලුම් කරලා සුදුසුකම් ලබපු ලිසිට් එක. ඒ තරඟකරුවන් බොහොමයක් තම තමුන්ගේ බ්ලොග් අඩවි වල අදාල බැනර් තවමත් ප්‍රදර්ශනය කරනවා. සම්මාන ලබා ගන්න ඉල්ලුම් කරපු, ඒ වෙනුවෙන් වෙහෙස උන හැමෝම බලන් ඉන්නවා මේකට මොකද උනේ කියලා.

October 20, 2011 දින තමයි මේකට අදලා අවසාන බ්ලොග් පෝස්ට් එක දාලා තියෙන්නේ. ඇත්තටම මොකද උනේ මේකට? වගකිව යුත්තන් කවුද? තරඟ කරුවන්ගෙන් සමාව ගත යුතු දිගින් දිගටම ඇදී යන අසේනි කුසුම් 2011 ට මොකද උනේ?

Tuesday, January 10, 2012

[ඇනෝනිමස්] ත්‍රස්තවාදයට පිළිතුරු ලැබුණී

සිංහල බ්ලොග් අවකාශය යනු ඉතා සීමිත පිරිසක් ගැවසෙන කුඩා වපසරියකි.මේ වපසරිය තුල බේදිම් හැල හැප්පීම් වචන හුවමාරු නොඅඩුව පවතියි. පොදු පිළීගැනිමට අනුව ලංකාවේ සිංහල බ්ලොග් අවකාශය තුල වැඩිපුරම සැරිසරන්නේ තොරුතුරු තාක්ෂනයෙහි නිරතවූවන්ය. ඒ අතර වෙනත් ක්ෂේත්‍රවල වැඩකරන විදෙශ් ශ්‍රී ලාංකීකයන්ද සිටිති. මෙපමණ කලක් හෙවත් වර්ෂ පහ හයකට ආසන්න සිංහල බ්ලොග් ආගමනයේ හැරවුම් ලක්ෂයන් හා විශේෂීත වූ සංදිස්තාන කිහිපයක් පැහැදිලිවම හඳුනා ගත හැක. මේ අතර සින්ඩි බිහි විම, සින්ඩි අතර තරඟකාරිත්වයක් ඇති විම, බ්ලොග්ස් පොට් මෙන්ම ෆේස් බුක් අඩවිය හරහාද බ්ලොග් කියවන බිහිවිම. විශේෂිත තැනක් ගිනියි. බ්ලොග් පාඨකයන්ට රචකයන්ට මෙය මහඟු අවස්ථාවක් විය

උක්ත කරුනට අමතරව බ්ලොග් පාඨකයන්ගේ ලොකුම චෝදනාව වූයේ කමෙන්ට් මොඩරේට් කිරිම හරහා පාඨක නිදහස් අදහස් නිරෝධනය කිරිමයි. එකල තිබූ ප්‍රසිද්ධ හා ජනප්‍රිය බ්ලොග් අඩවි වලට මෙම දෝෂාරෝපණය එක එල්ලේ එල්ල විය. මෙම තත්වය නැති කිරිමට අවශ්‍ය බව කියමින් ඉදරියට ආ ඇනෝනිමස් ආතල් නම්වූ බ්ලොග් අඩවිය තුල මෙම නිදහස බලාපොරොත්තු වුවත් ඔවුන් පවා පසු කල් යත්ම, කමෙන්ට් තොරා බේරා ගැනිමක් සිදු කරන ලදි. තවද වැඩක් ඇති මිනිසුන් පසේකලා අනවශ්‍ය මිනිසුන්ට දිගින් දිගටම ප්‍රචාරය ලබා දුනි. උදාහරණයකට ඇල්කේමියා බීටල් වැන්නවුන් සිටියදී, උයන් කන බ්ලොග් කරුවෙක්ව ඉදිරියට ගෙන එන ලදී.

පහුගිය දින වල ඉලක්කං පොල්ල ගැන වැඩි කතාබහක් ඇතිවිය. එලෙසම කමෙන්ට් ගැනද බොහෝ විවාද ඇති විය. ඇනෝනිමස් ආතල් අඩවියේ පෙර ලිපිය මදකට ගොස් බලන්න. එහි කමෙන්ට් කරුවන් නිදහසින් අයුතු ප්‍රයෝජන ගෙන ඇත. ඒ කමෙන්ට් කරුවන් අතර ලිංගික බෙල හීනයන්ද, මානසික අසහන ලෙඩුන්ද, තම තමාගේ ජාතකයන්ද මොනවට විදහා දක්වා ඇත. මෙම අඩවියේ කමෙන්ට් වාරණය කිසිදාක සිදු නොවනු ඇත. නමුත් බ්ලොග් අවකාශය තුල සිටිනා බෙල හීනයන් හඳුනා ගැනිමට රුකලක් වනු ඇත. 


අප කල මෙහෙය පල දරා ඇත. බ්ලොග් ත්‍රස්තවාදය නැති කලෙමු. කිසි දිනක හරවත් නොවූ ලිපියකට අපෙන් ඉඩක් නැත. නිවැරදි ගමනක් යන විට පාඨක ඔබේ සහාය නිතැතින්ම ලැබෙන බව අපි දනිමු.